Friday, March 15, 2013

එපා කිසිවිට.

ඉන්න දෙන්නකො අකුරැ කරනා පොඩ්ඩන්ට ඔහෙ පාඩුවේ
උන්ගෙ ලෝකෙට අපේ පව් ගෙන යන්න හොඳ නෑ කිසිදිනේ
මනස් විකසිත පියුම් සේ වන් සොඳුරැ සිතුමන් උන් ලොවේ
අනේ අයියේ! අනේ මාමේ! ඉන්න ඔහලගෙ පාඩුවේ

කටුක වදනින් කුහක කෙරැමෙන් පිරී ගියමුත් අපේ ලෝකය
උන්ගෙ ලෝකයෙ සිහින මවනට ඉඩක් තවමත් ඉතිරි වී ඇත
දෙන්න උන් හට උන්ගෙ ලෝකය එපා කිසි විට ඈඳ ගන්නට
හඹා යන්නට දෙන්න උන්හට එපා උන් තටු සිඳ දමන්නට

වරද කොතැනද එය බිඳින්නට කරන කාරණ කල යුතුව     ඇත
සරන අසරණ නන් දනන් හට නිතින පිහිටක් විය යුතුව      ඇත
දරණ කොට ගත් නුවණ අණුවන අනුව පිහිටා සිටිය යුතු    ඇත
අකුරැ කරනා මනස් නිවහල් බවින් පොහොසත් කල යුතුව ඇත

සොබා දම් මව ඇකයෙ වැතිරෙන කුඩා වුන් ලොව      සුන්දරයි
දෙනෝදාහක් වදන් නැතුවට උන්ගෙ කව් ගී               මනහරයි
කුරැලු ගීයක ඇවුනු මලකින් දකින සිහිනය                 පින්බරයි
ශෝක ගීයක් වුනත් උන් එය ගයන විට             මන් මත් කරයි


රෙන්ටන් ද අල්විස්ගෙ පබැඳුමක්
2013 ජනවාරි මස 29 වන අඟහරැවාදා

(වන දෑ දැක මතක අවදියට කල් බව සිතා කළ නැවත පළ කිරීමක්)
නිදහස් ගූගල් ඉමෙජයක්

No comments:

Post a Comment