Saturday, March 30, 2013

සමාවනු මැන කිවිඳු කේයස්


තරමක පිටිසරක වූ ගම       සිරිබරය
විදුලි රැහැන් ඈඳන් දැන්     කඩිසරය
රෑප පෙට්ටියක කැටිවුන      වපසරිය
යටිකුරැ වුනා ගම්මැද්දේ     සරිසරිය

ඒ ගම මැදින් ගලනා ගඟ     මනහරය
යායට වැටෙන රසවිස විඳි    පරිසරය
පෑදි දියට බොර දිය එක්වුන      සරිය
ඉස්පිරිතාලෙ යන මග  නම් සැරසරිය

කඩමන්ඩිය තිබුනු ගම කෙලවර කොනක
හකුරට වඩා චොකලට් ටොෆි මුල් තැනක
කැකුළේ හාල නූඩලයට බැඳි        පෙමක
අපෙ රන් ගමත් දැන් තරමක    මංතෙරක

සුන්දර සිතුම් ගම් මැද්දක        ගොලු වීලා
කේයස් කිවිඳු හඬ වියැකී             මියැදීලා
මගෙ ගම මතක ගම්පෙරලියෙ    ලියැවීලා
සිනමාහලක අඳුරේ රඟ             තෙරපීලා


රෙන්ටන් අල්විස් ලිව්වෙ, 2013 මාර්තු මාසෙ 30 වනදා


රැව: බූන්දි.lk

No comments:

Post a Comment