Thursday, March 14, 2013

යන මග රඟ වග


රැපුසෙන් නසා වනසා දිනු ජය     මේය

පවට පින් දෙමින් සැදුවේ මහ       සෑය
මරණ වැලකි නන් මිනිසුන් පැණි කෑය
එපා කිසි දිනක නැවතත්         දර සෑය

මුදලට හිලව්වට මැති කැල දිනු  සේය
පියවර කලින් හැඩසැර කර  සැරසේය
ඉකිබින්දාට හඬනා හඬ          නෑසේය
වෙනසක් වීද බැත මැඩුනේ පෙරසේය

ගොම්මං යකුන් සරනා රළු කැලෑ  මැද
රන් පලඳනා ඇඳි යුවතින්      ගියාවෙද
යන ගමනේ මග නොම දැන මුලාවෙද
විමසු සිතින් මැන බැලුමයි වඩා  හොඳ

රජකු වුනත් දන ලොල්  ඔද අඩු  වේද
ගහපු බෙරේ පලුවක් බිඳුනා        වේද
දකිනා සිහිනෙ සුදු ඇතුනට මග  වේද
වඩිනා ගමනෙ පාවඩ සුද     බැබලේද

පරපුර වඩන රිසි වනදෑ නොම       වේවා
නය ගැති නොවී දැය නගනට  හැකිවේවා
නන් අදිරදුන් අණසක වින        දුරැවේවා
යහ දම් ගුණෙන් අල්වක් යකු මැඩලේවා

සිතනා මනා කරනා දේ සරැ                වේවා
ගෙල රන් නැතත් යහ දරැවන්        බිහිවේවා
අරැත් දමින් මගෙ මව් බිම             සැරසේවා
ගුණනැණ බෙලෙන් රට දැය මතු බැබලේවා

රෙන්ටන් අල්විස් ලිව්වෙ, 2013 මාර්තු 14 වනදා

නිදහස් ගූගල් ඉමෙජයක්

No comments:

Post a Comment