Monday, March 25, 2013

වියපත් භක්තිය


සඳකි ඔබ හිරැ කිරණ සිසිල දී       විදාලූ
කවි සිතක පහන් වුන සාවියට     හඬාලූ
වදන් අවි අමෝරා රැපුන් මැඩ     නසාලූ
කිමද අද විල් තෙරක සයුරෙ හඬ  දවාලූ

ගැයූ ගී මනරම්ය දෙසු දහම            හර බරය
බැති දමින් සිත් පුරා ඇසූ හඬ        කන්කලුය
එදා මෙන් අදත් මා සිත පිනූ           අඬහැරය
ඇයිද දැන් උඩුකුරැව හඬවන්නෙ  මළබෙරය
 
රෙන්ටන් අල්විස් දුකින් ලිව්වෙ, 2013 මාර්තු මාසෙ 25 වනදා
 

 

No comments:

Post a Comment