Sunday, March 17, 2013

පනිමුද අටකොටු?


බෙන් ටෙන්ලා යටකරනව සෙල්ලම් වැඩ    මැඩු
සුපර්මෑන් කරනා බොරැ විරැවන් ලෙස        දෙඩු
ක්‍රිකට් මදිව මුදල් ගිජුව බේස්බෝල              පිඩු
දන්නවාද දරැවනෙ අපෙ ගහන්න            චක්ගුඩු

පුංචි උන්ගෙ පත පොතවල මුල් පිටුවට        වැඩි
යුද බිම් ගැන බාබිලා ගැන මැව්ව රෑප          ගෙඩි
නිකන් දුන්න පලියට ගෙන අච්චු ගහන       වෙඩි
දන්නවාද මාමලා උන් ගේන්නෙ ගිණි         ගෙඩි

රෑප පෙට්ටි පිරෙන්න ඇඩ් දානවා             කිරිපිටි
ක්‍රීඩකයොත් බයිලා කියලා ගන්න කියන      හැටි
විකුනන්නට විකිනෙන්නට වෙර දරනා         සැටි
පුංචි උන්ගෙ මොළගෙඩි වල දානව උන්       මැටි

පොල්පිති ගොන්නුන්ය කියලා මතකද       කී සඳ
ඒව එන්නෙ චීනෙන් දැන් කන්ටේනර්            මැද
කන්න සල්ලි නැතිවූවත් අරන් දෙනව          නෙද
දෙමව්පියණි මොකටද එය ඔච්චන්        වැඩ වෙද

පාසලේ දරැ මැණික පෙල ගසා                   සදාලා
දෙස්පලුන් එන මගෙහි  වයාලා                  නටාලා
පතුල් පැලෙනා රස්නෙ වන්නම්ද               රඟාලා
ගුරැ මාමෙ ඇයි මොකට හිස් වදන්            දෙසාලා

පාසලේ කියා දෙන අකුරැ මදි                    කියාලා
අකුරැ විකුණන පොලට උගන්නට              යවාලා
මගෙ පුතත් දැන් යනව ටියුෂන්ය                සිතාලා
ෆැෂන් එක විඳිනවා මව්තුමිය                      සරාලා

එනුව යනු යනුව එනු පේළියට                    සැදීලා
පත්තරේ ලියන දෑ විරිත මත                       බැඳීලා
කැමරාවෙ කාචයට වින රෑප                     පෙනීලා
නොකියනා නොපෙනනා දෙයට මිල         තියාලා

අටකොටුව පැන්නාම දිනුමෙ මග              පේනවා
අවරගිර හිස් දෙයට පිටුපෑම                  කෙරෙනවා
බුදුන් දෙසු දහම් හඬෙ කිරියාව                වැඩෙනවා

විට අප පින් බිමේ සොබාදම                 රැකෙනවා
 
රෙන්ටන් අල්විස් ලිව්වෙ, 2013 පෙබරවාරි 17 වනදා
කාව්‍යගෙ (පොඩිගෙ) නිර්මාණ වැඩක්
රෑපෙ මගෙ

No comments:

Post a Comment