Friday, March 22, 2013

සඳකි ඔබ මා සසල කල සිත

සිනාසෙන සඳ වුවන මුකුලිත
මතක ඉම තෙර පුදසුනේ හිඳ
මුකුලු කෙරැවේ නුවන් අග රැඳි
එකම කඳුලේ පහස විඳලද
කුමරියේ ඹබ සළඔ පා යුග
නගන රිද්මය අසා සිටි සඳ
සඳේ සවනැස් සුමුදු සිසිලස
ඔබේ සිත් මල් අවදි කෙරැවද



රෙන්ටන් අල්විස් ලිව්වෙ, 2013 මාර්තු 22 වනදා

නිදහස් ගූගල් ඉමෙජයක්

No comments:

Post a Comment