Saturday, March 9, 2013

මවුන් සම කල සොයුරැ දම


උමතු විය සිත් තමන් බස දෙස දහම රකිනට පෙළඹවුනු  කල
එකම දේසයෙ අහස් වහලක වසන මිනිසුනි මන්ද     කලබල
මිනිස්කම මිස වෙනත් කම් වෙද සොබාදම් මව දරන කුස තුල
හිතා බැලුවද විමසි මනසින් කරන කාරණ ගුණාගුණ       ඵල

එදා සිට අද කුවේණිය දිනු විජය කුමරැන් කෙතෙක්        සිටියද
සොලී රට සිට හටන් වදිනට සෙබල සොයුරන් කෙතෙක් ආවද
ඉසුරැ සොයමින් සයුර පරයා යෝන මිතුරන් කොතෙක්    ආවද
එහැම ලැබු දරැ මවුන් වූයේ අපට මව් වුනු ලඳුන්        නොවුනද

එකම මව් වරැ වෙනස පියවරැ කොහොම කවදා වින            කරන්නේ
එකම දැයකට උරැම සිත් තුල ක්‍රෝධ ගිණි ඇයි දලු               දමන්නේ
සොයුරි සොයුරන් මෙලස විරසක වුනොත් කෙලෙසද දැය රැකෙන්නේ
දහම් ගුණයේ ආනුභාවෙන් විමසු මනසින් ජය                     ලබන්නේ
 
රෙන්ටන් අල්විස් ලිව්වෙ, 2013 මාර්තු 9 වනදා
 
නිදහස් ගූගල් ඉමෙජයක්

No comments:

Post a Comment