Thursday, October 3, 2013

ඒ සොඳුරැ මිනිසා


හමුවුනා තව සොඳුරැ මිනිසෙක්
අතරමං වුනු කලියුගයෙ යුග බිම
කන්දෙ ලන්දේ අසිරි සිරි දුටු
රබන් පද විඳ මැවූ ගී රස
කවි කරත්තේ සක නදින් බැඳ
මාමා බෑනට රිසි රැඟුම් දී
හද අපේ බැඳ සසල කරවූ
කුඩාවුන් සිත් පවන් කරවූ
සසඳ සසඳැයි මිහිර විඳිනට
නුවන් රස දැල් භාව නිමවා
ගැමි සුවඳ දස අතම පතුරා
මෙතෙර සිට අප තෙරට ආ ඔබ
විශ්වයේ හඞ අවදි කල සඳ
චිරත් කල් මෙහෙවරට වන ලෙද
දහම් සුවඳේ අසිරි සමගින්
ආයු බෝ වැඩ ආයු බෝ වේවා!

රෙන්ටන් ද අල්විස් ලිව්වෙ

No comments:

Post a Comment