Saturday, October 12, 2013

උදාසිරි අසිරි

මදනල සිපින තුරැ තිර රඟන         රැඟුමන් දකිත
ගිලුනු නටුවෙන් පතක් රඟ රඟා        වෙයි පතිත
පෙර දිනේ වැටුන වැසි තෙමූ මිහි තල       කලත
පොකුණ තෙර කොක් රාළ දඩයමට නෙත යවත

ලේන් කැළ තුරැ සරන වේග රිද්මෙට     නටන
සඳුන්වන් කොහොඹ දළු උළා කන සැටි  දකින
කොවුලියක වපසරිය ගී රසට          අනාගෙන
ගිහින් එන්නට ගියා උදාසිරි              සරාගෙන

රෙන්ටන් අල්විස් ලිව්වෙ
 

No comments:

Post a Comment