Thursday, October 17, 2013

ඉර සිසිල


දහවලදි දවන සැම
සොරකු සේ ගොම්මනේ
සඳට දුන්නේ සිසිල
සාවියට සැතපෙන්න

සැතපියන් සාවියේ
සැනසුමේ සැතපියන්
වළාගැබ සිනිඳු සලු
අරා ගෙන සැතපියන්

නිදන තරැ අවදිකර
සරා ගෙන සැතපියන්
සහන් සිත පුබුදු කර
සිහින ලොව සැතපියන්

හෙට උදේ තනඟ රැඳි
පිණි බිඳුව පාට කර
ගිහින් එන්නම් කියා
හිරැට සමු දී වරෙන්

රෙන්ටන් අල්විස් ලිව්වෙ

No comments:

Post a Comment