Tuesday, October 1, 2013

අන්දරේ අදිකාරම් තුමාගෙ සොහොන


අන්දරේ ගෙ විහිලු අපි හැමෝම පුංචි කාලෙ ඉඳලම රස විඳිනව. මේ ලඟදි දවසක පොඩියි, දෝණියි අපේ ජංගම පුස්තකාලෙ තියෙන අන්දරේගෙ කතා පොතක් අරන් වා.

මාවැල්ලෙ සීය, ඒගොල්ලට අන්දරේ රජවාසලදි සීනි කාපු හැටි, කිරි කාපු හැටි, එයාගෙ තාත්ත කැවුම් දෙකට, තුනක් කියලා එයා කීවම, එයාට පාඩමක් උගන්නපු හැටි, වගෙ කතා දෙන්නට කියල දෙනව මං අහන් හිටිය.

ඉන් පස්සෙ මේ සුවිශේෂි අන්දරේ අදිකාරම් තුමාගෙ කතාවත්, ගොල්ල ඉගෙන ගත්ත. එතුමා මිය ගියෙ, කන්ද උඩරට රජ මාලිගෙ ඉඳලා ලෙඩ වෙලා, දික් වැල්ලෙ තමන් ගෙ ගමට එන අතරමගදි උණ වැඩිවෙලා, උඩ මලල ගමේ වැවක් අයිනෙ පලු ගහක් යටය කියලයි ප්රවාදෙ කියවෙන්නෙ.

සොහොන තියෙන්නෙ මෙහෙ ඉඳල කිලෝමීටර 26 විතරක දුරින් හින්දා, ගිය ඉරිදා සංජුයි, පොඩියි, දෝණියි, මමයි ගියා එතෙනට. පුංචි ඈයො හරිම ආසාවෙනුත් කුතුහලයකිනුත් බැලුව එතන බිම අඹලා තියෙන, අන්දරේ අදිකාරම් තුමා අත් දෙකයි, කකුල් දෙකයි විදහගෙන මිනිස්සු හිනහවමින් මිය ගියාය කියන ඉරියව්ව. එහි තිබෙන පුවරැවක එතුමගෙ නම්බු නාම, පදවි ගැනත් මේ මියෑදෙන්නට කලින් කීවාය කියවෙන කවියත් ලියල තිබුන.

"
රිදී කලේ රන් කොතලේ බීපු     මට
නිකන් කලේ පැන් නැතිවිය පිපාසෙට
කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි තිබූ  මට
මෙහෙමත් කල යාද පලු වීර   ගස්යට "

දැන් එතැන පලු වීර ගස් වෙනුවට තියෙන්නෙ කොහොඹ ගහක්. ඒත් නිසා එතුමා, එදා රජවාසලෙ ඇත්තො වගෙම, අප, අපෙ දරැවන් අද දවසෙත් පිනවන්න කියපු කරපු දේ වටිනවා.

එතුමාට
නිවන් සුව ලැබේවා!

අපෙ ගමනෙ රෑ එකතුවක්:
රෑ ගත්තෙ මම.
























































No comments:

Post a Comment