Saturday, October 26, 2013

කලෙක මා හද බැඳි කවියෙකුට ලියූ දුක්ගීයක්

සබඳ! ඔබ එදා
ලියු ගීයෙ රස සරණ 
කාලයේ පරාසයෙ
ගංවතුර හලා ගිය
රොන් මඩින් පෝෂිතව
මහද මන්මත් කලද,

කලට වැසි නොලදහෙන්
වියැලි තත්සර නැගූ
නිස්සාර යාමයක
ඉඩෝරෙන් ඉරිතැලුනු
වියරැ යායක් මත වූ
කුහක කුහරයක් තුල
පිපාසෙන් මියෑදෙන
ගොයම් මැස්සකු සේම
අකල් ගොදුරක් වීද?


ලිව්වෙ රෙන්ටන් අල්විස්
ගූගලයෙන් උපුටාගත් විකිලීඩියා ඉමෙජයකි.

No comments:

Post a Comment