Friday, October 4, 2013

කලුවරට අරැතක්


අඳුරෙ අතපත ගා සොයා  ගෙන
ගෙනෙන දෑ රස ගුලාවන් මෙන
සරැවපිත්තල කාරි       කරදෙන
එළිය බුබුලේ නැති  රසක් දෙන

හිරැගෙ පහසින්
එළිය    ලැබුවට
ස
ඳුගෙ කිරණින් සිසිළ   බෙදුවට
අ
ඳුරෙ කරැ වල සින්ද      බින්දට
කුටියෙ කලුවර ගෙල වෙලා වට

කලුවරට බිය කෙනෙකු වන්නට
එපා කිසි විට පැකිල       ඉන්නට
අ
ඳුරෙ දකිනා එළිය          දුටුවිට
හැක ලොවක ජය  සරා යන්නට


රෙන්ටන් ද අල්විස් ලිව්වෙ
 
නිදහස් ගූගල් ඉමෙජයක්
 

No comments:

Post a Comment