Friday, October 18, 2013

මායිම් ඉමෙන් ඔබ්බට ....

පසුබිම් රැව - නිදහස් ගූගල් ඉමෙජයක්



හදවත බිඳ නැගි            මාඉම
කටු පතොකින් සරැ       මායිම
දෑස් අන්ධ කල              මාඉම
විස මිස රස නැති           මාඉම

පවුරැ බැන්ඳ පටු            මායිම
කටකලියා ලෑ               මාඉම
අසමගි මඟ හෙලි          මාඉම
වියරැ හිතක බැඳි           මාඉම

බලය දෙකඩ කල          මාඉම
පොලොව බෙදූ ඉර        මායිම
ඈත ඉමේ ඇඳි               මාඉම
පෑල දොරින් ආ             මාඉම

එකම හිරැගෙ පහස          ලබන
එකම සඳුගෙ සිසිල          විඳින
මිහිකත මව් උකුලෙ      රැඳෙන
විරසක ඇයි ගෙනදෙන      වින

රස ගීයක රහ                විඳින්න
සමණල තටු             හඹා යන්න
බර පොදි පැස      පසෙක ලන්න
මාඉම් බිඳ               එකතුවන්න

රෙන්ටන් අල්විස් ලිව්වෙ

No comments:

Post a Comment