Tuesday, October 15, 2013

කඩඉම් පැන සරසවි ගිය දරැවකුට පැතූ පැතුමක්


ආරිච්චි
බෝරිච්චි
කෙටිසටහන් ප්‍රශ්නෝත්තර
ඉස්සරහට ඇවිල්ලා
ඔලු ගෙඩි වල පිරීලා

මුල් පොත් මුල් වෙලා උන්න
කාලය දැන් ගිහිල්ලා
හබුන් කටයි නූඩල් රැල්
රජ වෙන්නට ඇවිල්ලා

ඉස්කෝලේ යන්නෙ නැතුව
පංති යන්න සැදීලා
සල්ලි නැතුව දෙන සිල්පය
පොට්ට කාසි ලෙසේයා

සල්ලි ගෙවල රංචු පිටින්
ගාල් ගැහෙන ලෙසේයා
ශිල්ප දැන නොදැන වුනත්
විභාගයට සැදේයා

කඩඉම් ලකුණේ ඉම පැන
සරසවියට ගියෝයා
දැනවත් පින්වත් දරැවනි
කියවන්නට සිතේයා

ශිල්ප සතර නැණ ගුණ බල
සරසවියෙදි විඳේවා
විමසු සිතින් මිනිසත්කම්
වැළඳ ගන්න ලැබේවා

ජීවිතයම ජයගන්නට
තව ජීවිත ගොඩ ගන්නට
සවිබල දිරි පණ ගැහිලා
ශිල්පයෙ පින් ලැබේවා!


රෙන්ටන් අල්විස් ලිව්වෙ

No comments:

Post a Comment