Wednesday, October 16, 2013

අසපුවක හිඳ විඳි ගී

සොඳුරැ ලොව ගැන කවින් ගැයු ගී
අසා වින්දෙමි මනස් විල හිඳ
පිපෙන්නට මා තතනනා කල
දෑත දිගුකොට සිඟා ගත්තෙමි

එවන් ගීයක මියුරැ පදවැල්
ගැයු ගී හේ සොඳුරැ මිනිසෙකි
පද ගෙතූ ඒ කිවිඳු සිතුමන්
මනස් විල මත ඇඳී ඇති බව

මැකී වියැකෙන ඇගේ සඳවත
මතක අවදිය පහන් වූ සිත

ලොවක අසිරිය මට කියාදී
සොඳුරැ හිතුවිලි සිහින පොදි බැඳ

මගෙන් සමුගෙන දුරක ගිය වග
කියා මා සිත සනසවන්නට
හැකිද කිවිඳුනි ගී බඳින්නට?


රෙන්ටන් ද අල්විස් ලිව්වෙ















රැව නිදහස් ගූගල් ඉමෙජයක්

No comments:

Post a Comment