Tuesday, April 30, 2013

තොසට ගැයූ ගීයක් ...


 “නිල් කට්රොල් මලෙක
ඇවුනු වැට්කොල් මල් සෙයි”1

හිරැ සොයන් සඳු සොයන්
නිල්ල සොයමින් ගොහින්
ඉහල නැග හිනැහුනේ
අපෙ පැෂන් ෆෘට් වැලයි

කොහොඹ ගහ බදාගෙන
වැළඳ ගෙන ඇදි ඇදී
තිත්ත ඇත්තක සිරිය
මවාගෙන විඳි විඳී
ලස්සනට පිපුනු මල්
මද පවන සිප සිපී
නොඑන ගමනක් ගියා
විහඟුනට වද දදී

ලේනුන්ට ගිරවුන්ට
අසිරි සිරි ගෙන දිදී
පිපි මලින් සරැව දිලි
රස මැව්ව ඵල විඳී
කඩන්නට උස වැඩිය
ලේනුන්ට ඉඩ දිදී
වැටුන ඵල අහුලන්න
දෝණියගෙ පැස මදී

නිවිති වැල දිගේ නැඟ
දෙව් ලොවට ගිය රොසින්
ඇ
ත් වලිගෙ බදා ගෙන
එලොව යන්නට ගො
සින්
වුනු හදිය ගමරාළ
මතක ප
ො
ත කියු ලෙසින්
ක
ොහොඹ
ගහ පැෂන් වැල
වැළ
ඳ හිඳි රිසි තො
සින්

1 සිහිගිරි ගී පද

රෙන්ටන් ද අල්විස් ලිව්වෙ, 2013 අප්‍රේල් 30 වනදා


රැව ගත්තෙ මම
 
 
 

No comments:

Post a Comment