Tuesday, April 2, 2013

කම්පාවුන සිතක සටහන්


පතපොත ඇසුරැ    කෙරැවට
රස ගීත                  මැව්වට
රම් දෙසුම්              දෙසුවට
කිමද ඉන් ඵල කාරි නැතිවිට

මිනිස් කම                 මුදලට
යට කර කාරි            කලවිට
සිප් සලේ                  තුටුවිට
කපා වනසන සිතැඟි    ආවට

අහිංසක                  දරැ  සිත්
නාද විටකින්             රසවත්
අරැත සිඳ                  මන්මත්
එපා කිසිවිට කරනු    වල්මත්

කියුමෙදි එක ලෙසකි කෙරැමෙදි  තව ලෙසකි
මවනා සිහින බොඳ කරනා           ගොර මඩකි
මිළ කල නොහැකි දෑ මිළ කල     පටු ලොවකි
දෙසු දෙය තරම මැන බලනට         කල්ය සකි


රෙන්ටන් අල්විස් දුකින් ලිව්වෙ, 2013 මාර්තු මාසෙ 28 වනදා

නිදහස් ගූගල් ඉමෙජයක්

No comments:

Post a Comment