Sunday, April 28, 2013

පැදුර උස නැත

සුනිල් ආරියරත්නයන් ලියා, නන්දා මාලිනිය ගැයූ, “පූජාසනයේ ඹබ හිඳුවා” ගීය ඇසුනු සඳ, මා එයට ගැයූ ප්‍රතිචාරයයි මේ ...


සබඳ, ...
එපා කිසිවිට, දරා ඉන්නට
කිරැළ හිස මත, සිහසුනේ හිඳ
වැතිර නිදනා පැදුර උස නැත,
ඉන් වැටෙන්නට කිසි ඉඩත් නැත.

කුමන ඉසුරක්, කුමන සැපයක්
ලබා ඹබ, රජ වෙලා සිටියද
හරිද, වැරදිද, කරන කාරන
සොයා, විමසා බැලිය යුතු ඇත.

කුමරි, කුමරැන් ඹබේ අබියස
අකුරැ කරනා සඳකි, දැක්මකි
ඒ ලොවේ රජ වීම යහතකි
මේ ලොවේ පව් සේදිලා යති.

සළඹ පා බැඳි, සලන කුමරිය
එපා කිසිවිට රජ කරන්නට
පවිටු, දුදනන් සිටින ලෝකෙක
රජ වෙලා වන සෙතක් නම් නැත.

සබඳ, ඹබ ලොව සරන මා වන්
පුහුඹුවන් මහ පිනක් කර ඇත.
වැතිර නිදනා පැදුර උස නැත,
ඉන් වැටෙන්නට කිසි ඉඩත් නැත.


රෙන්ටන් ද අල්විස්ගෙ පබැඳුමක්
 
 

රැව ගත්තෙ මෙනකා දුව

No comments:

Post a Comment