Wednesday, April 3, 2013

ලස්සන සිංදුවක්


අද උදේ මට ඇහුන
කාමරේ අහල
වත්ත පිරමදින
අපෙ මාවැල්ලෙ මාමා
පොකුණෙ ලස්සනට
පිපිල තියෙන
රතු මානෙල් දැකලද කොහෙද
"මල් ලස්සනයි
හොඳ හොඳ පාටයි"
කියල එයාම හදපු
සිංදුවක් කියනව.


මීට කලින් එයා
සිංදු කියනව මට
ඇහිල නැහැ
තාලෙට, විරිතට නැති වුනත්
සිංදුව ලස්සනයි
මට හරියට සතුටු හිතුන
එයා සතුටෙන් හින්ද.
එච්චරයි.


විරිත්, ව්‍යංග, මහා භාව රස නැතුව රෙන්ටන් අල්විස් ලිව්වෙ, 2013 අප්‍රල් 3 වනදා



මගෙම රැවක්

No comments:

Post a Comment