Saturday, June 29, 2013

සය දිසා වත


මිහිකතට වැන්දාට

අහස විරසක වෙයිද
දකුණු දිග රම් සරිය
උතුරැ දන සනසාද
හිරැ නගින වපසරිය
බසින හිරැ විමසාද
සිව් දිගින් එන සුළඟ
සිසිල මිස වද දේද?

අහස් මව පොලෝ ගැබ
සිඹින ක්ෂිතිජය දුටුව
උතුරින්ද දකුණින්ද
නැගෙන ගොස එක සරිය
බටහිරද නැගෙනහිර
මැද රටේ කඳුකරය
මිනිස් කම කරැණාව
දම් ගුණය ඉල්ලාය

උඩයටත් සිව් දිගත්
බොහෝ බණ ඇසුවෝය
සහන ඉම ඉක්මවා
ඉවසි ගුණ පිරැවෝය
කියූ ලෙස නොකෙරෙනා
කාරණා දුටුවෝය
අහස දෙස බලන් උන්
සෝ සුසුම් හෙලුවෝය

ලිව්වෙ රෙන්ටන් අල්විස්
නිදනස් ගූගල් ඉමෙජයක්
 

No comments:

Post a Comment