Tuesday, June 25, 2013

ප්‍රතිභා ප්‍රභාවෙන් නැගෙන දුක්ගීයක්


සබඳ! ඔබ එදා
වැයු ගීය නැටු නැටුම
කාලයේ පරාසයෙ
ගංවතුර හලා ගිය
රොන් මඩින් පෝෂිතවු
කලට වැසි නොලදහෙන්
වියැලි තත්සර නගන
නිස්සාර රිද්ම යායක් මත
ඉඩෝරෙන් ඉරිතැලුනු
කුහක කුහරයක් තුල
පිපාසෙන් මියෑදෙන
ගොයම් මැස්සකු සේ
අකල් ගොදුරක් වීද?
ලිව්වෙ රෙන්ටන් අල්විස්

No comments:

Post a Comment