Wednesday, June 26, 2013

සිත තවන යාදින්න

 
 
පිපාසයට පැන් බිව්වට
කාන්සියට කවි කිව්වට

හිතේ නැගෙන ළැව් ගින්දර
නිවා ගන්න බෑ

විරිත් අනුව කවි ලිව්වට
ආදරේට දොස් කිව්වට
මනුස්සකම අහක දාලා
බලන් ඉන්න බෑ

පෝයදාට බණ ඇහුවට
සිල් අරගෙන වත පිරැවට
හිතේ කහට රහ කර කර
බි බී ඉන්න බෑ

සරා යොමන සිතුවිල්ලට
දමා කොමා නැවතිල්ලට
මෙරක් වගේ මේ බරපොදි
හලා යන්න බෑ

සුදු නෙලුමක වග දුටුවට
සමනලුන්ට දෙස් දුන්නට
පහන් සිතින් මේ සේරම
දරා ගන්න බෑ

දෙනෙත් අයා බලා ඉන්ට
අඳුරැ පටල ඉරා ලන්ට
නුඔට මිසක් වෙන කාටත්
ඉඩක් ඇත්තෙ නෑ
ලිව්වෙ රෙන්ටන් අල්විස්
 



No comments:

Post a Comment