Monday, June 10, 2013

මහළු වූ අඳුර

 
 
අඳුර දුටුවද පහන්සිල ඔබ
අමාවක දැක හඹා යන්නේ
එදා ඔබ විඳි සුමුදු සිසිලස
බෝමලුව මත සරා උන්නේ

දකින දැකුමන් බැලූ බැලුමන්
අඳුර නෙත සුද පටක බැන්දූ
සුමුදු වර ලැබ අරැම දුටුවද
මනස්විල මත පිපුණ පියුමේ

විවර මනසක අමාවක දින
අඳුර කෙලෙසද මහළු වූයේ
හමන පවනේ බලය සිඳලද
නැවත දැල්වී පහන් වූයේ

ලිව්වෙ රෙන්ටන් අල්විස්

No comments:

Post a Comment