Saturday, February 9, 2013

පාලුව


අහසෙ පාලුව
අඳුරැයැයි සේකරයන් ලියල
අමරදේවයන් ගැයුවට
මට ඈතට ඈතට පේන
නිල් අහස නම්
දැන් සුන්දරයි
අසුන්දර කලු වළා
මහ වැස්සකට පෙර
නිමිති බලන කොට
ඔන්න එතකොට එනව
අමුතුම පාලුවක්
වැඩි වෙලාවකට නෙමි
වැහැල ඉවරවෙලා
ආයෙමත් හිරැ කිරණ වැටෙනකන්
පොලොව හොඳට දඟට
තෙමපු දාට දුන් දාගෙන
පොලොවෙන් එනව
හොඳ පුසුඹක්
ඒ පුසුඹට මං හරි කැමති
එතකොට පාලුව
මඳ සුළගෙ යසට නැළවෙනව
හරියට පොඩි උන්ගෙ
චිරිචිරිය වගෙ
මදු විත නැතුවට
සිහියෙන් හිටියට
ඒ ඇති පාලු මකන්න
ඉරේසරයෙන් මක මක
ආයෙ ආයෙ ලියන්න.
 
රෙන්ටන් අල්විස් ලිව්වෙ, 2013 පෙබරවාරි 09 වනදා
 



Pix credit : Google share image - Mark Anthony P Manalang
 

No comments:

Post a Comment