Saturday, February 16, 2013

බල්ලට (නො) ගිය මනුස්සකම

අද ආවා නගරෙට.
අඩිසීයෙ පාර හංදියෙ ඉඳන් හම්බන්තොටට එන
හොඳට පළලට බාගෙට හදල තියෙන

ලොකු පාරෙ බල්ලො දෙන්නෙක්
හැප්පිල මැරිල උන්ගෙ කරැමෙට.

කිව්වෙ නැත්තම් හ
ොඳ මදි
පාර ල
කු හින්ද නෙවි
අපෙ
ඈයො ඉවක් බවක් නැතුව යන හින්ද
සත්ව කරැණාව අපෙන් ගිළිහිලා ගිහින් හින්දාද මන්ද.


අපේ කරැමෙට කාටවත් ඒකෙ ගානක්වත් නැහැ
හැමෝම පොඩි වෙට්ටුවක් දාල පහු කරල යනව

ඉස්සෙල්ලම දැක්ක බල්ලගෙ
තරමක් හොඳට තිබ්බ මෘත ශරීරය

නවත්තල පාරෙ අයිනට මං ඇදල දැම්ම.

අනික් ඈයො පොඩ්ඩක් විතර
වේගෙ අඩු කරල බලල ගියා
කවුරැවත් නැවැත්තුවෙ නැහැ.
හිතන්න ඇති මූට පිස්සුද කියල
එහෙමත් නැත්නම් බලුමස් කන
එකෙක් වෙන්න ඇතිය කියල.

කියන්න බෑනෙ අපි දැන් හිතන විදිය
තුන්සිය හැට වෙලානෙ තියෙන්නෙ.

දෙවනි බල්ලගෙ කරැමෙ තියුණුයි
කොක්කු දෙන්නෙකුයි කපුටෙකුයි
අදිනව බොකු බඩවැල් එලියට.
මං වේගෙ අඩු කරල බැලුව.
නැවැත්තුවෙ නෑ එතන
ඒක අයිනට අදින වැඩේ සංකීර්ණ හින්දා.

ඒත් හිතට හරි නෑ තාමත් හිතනව
උන් ගැන, අපි ගැන.

අපේ කරැමෙට අපි අවුරැදු තිහක් තිස්සෙ
මිනිස්සු බල්ලො බළල්ලු වගෙ
මැරෙනව දැකපු ජාතියක් වුනා.


පාරෙ මැරිල ඉන්න බල්ලො ගැන
දැන් අපට ගානක් නෑ
ඒ අප කරැමෙ
උන්ගෙ කරැමෙ ඉක්ම ගිහින් හින්ද.


ඒත් අපි සමහරැ නිතරම
චීනෙ බල්ලො මරන් කනවට විරැද්ධව තියෙන විරෝධතා වලට
හියුමන් හා
නිමල් රියිට්ස් සටන්කාමීන් මෙහෙයවන
බල්ලන්ගෙ අයිතිවාසිකම් ස
හා වන ව්‍යාපාර වලට
ෆේස් බුක් එකේ ලයික් දානවා
දාලා අපේ පාරෙ මැරිලා ඉන්න
බල්ලන්ටට සැලුට් එකක් ගහල යනව

ගිහින් හොඳ බෝධි පූජාවක් තියල
දිවිය ලෝකෙට ලකුණු දාගන්නව
කු පූජා වටටියක් මගදි කඩෙන් අරන්
ජීවිත
සරැවෙන්න කන්නලව්වක් කරගන්නව
කුවයින් කාසි කලයකුත් උඩින්ම තියල.

අපෙ මනුස්සකම බල්ලට යනව.

රෙන්ටන් ද අල්විස් ලිව්වෙ, 2013 පෙබරවාරි 15 වෙනිදා


බෙදාගත් ගූගල් ඉමෙජයක්


No comments:

Post a Comment