Wednesday, February 6, 2013

ඒ දිනේ ...


කියන කියුමන් කරන කාරන වලට සම වුන     ඒ දිනේ
සරන සිතුමන් ලියන කරදහි පසෙක වැටෙනා  ඒ දිනේ
නැගෙන සිනහව සොඳරැ පියුමක සිරිය ගන්නා ඒ දිනේ
එන්න මිනිසුනි එන්න විඳිනට කියපු කාරන      වූ දිනේ

ලොවක් දිනුවට සිතැඟි කුසුමන් පරව ගියහොත්   මේ දිනේ
කරන කාරන කියන කාරන පසක ලෑවොත්          අද දිනේ
දහම් සුවඳට දුඟඳ ධූමය එක්කලොත් අප            පෙර දිනේ
කොහොම යන්නද කුඩාවුන් හට සදන්නට ලොව පසු දිනේ



රෙන්ටන් අල්විස් ලිව්වෙ, 2013 පෙබරවාරි 05 වනදා


A free Google image





No comments:

Post a Comment