Tuesday, February 19, 2013

සංහිදියාව

“මගෙ විදියට උඹ හිටියොත්  හැම විට
දෙන්නට හැකි මට සම තැන ඔබ හට
වෙනසක් දුටු තැන යමු    සම තලයට
ගමනෙහි ඔබ අප           සංහිදියාවට

කුහක කමක් නැත ඇත්තේ         නිදහස
ඔබේ උරැම අප සරසමු           නිසි ලෙස
අනිසි කෙරැම් මොට මැඩලමු පෙර ලෙස
පෙලට සිටිමු අප විඳිනට             නිදහස”

හිතුවොත් ම ලෙස හැරදා      සිත මෙත
සංහිඳියා මග අගුලු            වැටෙනු ඇත
කියනා බස් පද කරනා              වින විත
නැවත නැවත අප හැඟිය        යුතුව ඇත

අප්පා අම්මා මව් පිය               ගුණ මිස
කියයිද අන් නන් අරැතක්        කිසිලෙස
ගලනා රැධිරය ඔබ අප              සිරැලස
එකම රතක් ඇත හඟිමුද        අන් ලෙස

ඔබේ උරැම අප අපගේ       කරගෙන
අපේ උරැම ඔබ ඔබගේ       කරගෙන
වඳින්න යමු මල් කපුරැ    දෝත ගෙන
පරණ කෝන්තර පසෙක   ලුවාගෙන
 

රෙන්ටන් ද අල්විස් ලිව්වෙ, 2013 පෙබරවාරි 19 වෙනිදා,
 
නිදහස් ගූගල් ඉමෙජයක්
 

No comments:

Post a Comment