Sunday, February 17, 2013

හිතන පතන මිනිසුන්ට


හරය විමසුම දනන් දිණුමට සටන් අවි වන       කාරනා
සහන් සිතුවිලි පහන් හැඟුමන් හරය සරසන      කාරනා
බැඳුණ හදකින් දෙනෝදාහක් දනන් මනලොල් කාරනා
එපා ගොලුවී ඉන්න කිසිදා දුටුව තැන වින        කාරනා

සරන විට සිත් පෙලෙන හදවත් සොයා ගිය නන් කාරනා
දෙනෙත ගොලුවී බලා උන්නද අන්ධ වූ මන      කාරනා
මිනිස්කම මැඩ අනිසි බල ගති නැගී එන නන්     කාරනා
එපා ගොලුවී ඉන්න කිසිදා දුටුව තැන වින          කාරනා
 
රෙන්ටන් ද අල්විස් ලිව්වෙ, 2013 පෙබරවාරි 17 වෙනිදා.
 
 
බෙදාගත් ගූගල් ඉමෙජයක්

 

No comments:

Post a Comment