Friday, February 8, 2013

මදිවීද ලොව හටන්


දිවියෙ සරනා කලදි මුහුණ දෙන නන්   හටන
හටන් නොමැතිව කරමු පහන් වන යහ සිතින
ඒ හටන් මදිවීද නව ගැටුම්              සරසවන
බලනු මැන මිනිසුනේ සටන හැර    කව් වදන

කවිය මඳ හරය ඇති කුමට කව්          ගායනා
වදන් බැඳි පද පෙලින් කිමද ඇති        කාරනා
කිවිඳ ඔබ විඳින රස බෙදන් රස          නායනා
හඟිමු අපි ගයමු අපි හරය ඇති            ගායනා

රෙන්ටන් අල්විස් ලිව්වෙ, 2013 පෙබරවාරි 02 වෙනිදා,

Pix source and credit: Google image Angampora csrilanka
 

No comments:

Post a Comment