Wednesday, February 13, 2013

වල් පරවියො


නගරෙ දුටුවට කුඩා වුන් හුරතලට හදනා 
         පරවියන්
අතේ ගුලි කර ඔට්ටු වෙන්නට වීසි කරනා        පරවියන්
ඈත අහසේ ගුවන් කරනම් රැවා පෙන්නන       පරවියන්
ඉන්නෙ දුරැ රට සරැ හිතුම් ඇති අහිංසක වල්     පරවියන්

නදක් නැතුවට පියා විදමින් කුකුස් හිත් ඇති      ණැනැසියන්
එහෙව් ලෝකෙක අපට නැති ඉඩ සරා වරලන     සිරි ලියන්
කූඩු තැනුවට ගෙවල් හැදුවට උන්ගෙ තාලෙට      වියු වියන්
අපේ ලොව උන් කරක් ගෑවට උන්ගෙ ලොව ඇත උඩු වියන්

ඇයිද එන්නේ හඹා පසුපස නිදැල්ලේ උන්         පරවියන්
උන්ගෙ උත්තම නිදහසේ රඟ සරා සරනා          පරවියන්
සරිය දැක දැක උද්දාන ගුණ රකිනවා වල්         පරවියන්
එපා කිසිවිට  හිත් පෙලන්නට අයිති කරගෙන    පරවියන්

රෙන්ටන් ද අල්විස් ලිව්වෙ, 2013 පෙබරවාරි 13 වෙනිදා,

Free Google image

No comments:

Post a Comment