Sunday, February 10, 2013

කවි සිත සිරිත


සරන විට කවි සිතක මුදු ගුණය  විදාලන
සන්සුන්ය නිවහල්ය කරැණාව    සදාලන
සුමිහිරිය මනහරය මනස් විල     සරායන
සහන්විය පහන් විය සිතුම් වැල්  පරායන

කැළඹූනද දැකුම් දැක අවිචාර     වනචරය
සහන් දම බිඳ දමා අවි අරන්       සමචරය
සසල සිත සැඩපහර සුනාමිය     වන්චරය
බුදුන් දැක නිවන දුටු දෙව්දතුන්  මනචරය

සියලු සතුනට කුලුනු මෙත් සිත්ම විදාලන
සරන සිතුවිලි සමඟ සහන් සිත     සදාලන
එක්සිත්ව එක්සත්ව පද බඳිමු       සරායන
තුරැණුවන් හා සමග මනස් විල     පරායන
 
රෙන්ටන් අල්විස් ලිව්වෙ
2013 පෙබරවාරි 04 වෙනිදා,
මගෙම වැඩක්
 

No comments:

Post a Comment