Thursday, February 21, 2013

පියුම් විල සඳ වුවන

සඳ සිසිල තරැ ගනින
රාත්‍රිය නිදිවරා
සරා ගිය හිතුවිල්ල
සසල සිත නිදිකලා
හොරෙන් මා යහන මත
වෙලුන කිරණින් එහා
සඳ වුවන පියුම් පෙති
තරැ අතරගොලු වුනා

එන නොඑන වළාකුලු
සිහින ලොව බොඳ කළා
පියුම ඔබ වුවන දැක
පලාගොස් සැඟවුනා
නිසල හඬ නිසල රැය
සෝක ගීයක් ගයා
සඳ වුවන පියුම් විල
මත පිපී හිනැහුනා

රෙන්ටන් ද අල්විස් ලිව්වෙ, 2013 පෙබරවාරි 21 වෙනිදා.
බෙදාගත් ගූගල් ඉමෙජයක්

No comments:

Post a Comment