Friday, November 16, 2012

කාලයේ පරාසය

ළගන්නා සංවාද
මත ගැටුම් අවලාද
මාත්‍රක ඝෝෂාව
සංවේදි යැයි සිතා
රගන රැගුමන් සමග
වියරුවන මිනිසුනේ!


මොහොතකට නැවතිලා
නෙතු පියා දැහැන් වැද
මෙනෙහි කරනට
කාලයයි දැන්! කාලයයි දැන්!

සොබාදම් මෑණියනි!
සදාදම් පියාණනි!
තොසා නොව සසල සිත්
මග විවර කරවන්න
මනස් දොර හැරලන්න

බොහෝ දොස් නිදොස් කොට
අගති පසෙකින් හලා
දැහැමිබව පසක් කොට
මෙනෙහි කර බුදු වදන
යේසු මුණි
, ක්‍රිෂ්නාව
මහන්මත් පඞි වදන්

සියලු සතුනට සුවය
මෙත් බලය කරැණාව
කුස පිරෙන්නට අහර
පිපාසෙට සරි ඡලය
හිස මතට සෙවන දී
,
හරිත ගුණ උතුරවන
සොයුරැ දම් බබළවන
නව ලොවක් ඉදි කරන
කාලයක පරාසය
එළඔ ඇත! එළඔ ඇත!



රෙන්ටන් ද අල්විස් කවි පබැදුමක්
2012 වප් මස ඈත දකුණුකරයේ කිවුල ගම් නිව‍සේදි.

No comments:

Post a Comment