Friday, November 16, 2012

අබ ඇට ගල් කැට

උඩ ගෙඩි දෙනවද?
සරැ කර කනවද?
අහක බලනවද
මුනිවත රකිමුද?

හඞක් නගනවද?
බෙරිහන් දෙනවද?
මුමුනා කීවොත්
අසා සිටීවිද?

කිසා ගොත් දියණිය
දුකින් පෙලුනු සද
අබ ගෙන එන්නට
යැවු සැටි මතකද?

හැමට පලමු ගල
දමා ගසන්නට
කීවේ අත පව්
නැති අයකට නෙද?

පැවැත්ම වරිග‍
හිසේ දරා ගෙන
කල කම් හොදනම්
සව්දිය පුරමුද?

දියුණුව මේ යැයි
හඞක් නගන විට
අපසු හැරි හැරි
බැලිය යුතුව ඇත.

කැඩපත ලස්සන
රැව මවනා කල
ඇතුලත හැඩරැව
හෙලුවක් වී ඇත.

අබ ඇට ගල් කැට
වරැසාවක් වී
සැඩ රළු පහරින්
දවා දමන සද

උඩ ගෙඩි දෙනවද?
සරැ කර කනවද?
මුමුනා කීවොත්
අසා සිටීවිද?

රෙන්ටන් ද අල්විස් පබැදුමක් , 2012 නොවැම්බර් මස 13 වැනිදා

No comments:

Post a Comment