Friday, November 16, 2012

සියලු කුණු බේරැවල බොක්කටලු ....

හිර ගෙදර
ගෙදර වගෙ
වඩාගෙන, හදාගෙන
සමාජයෙ යස රැගුමි
යස රගට රගා ගෙන


මනස් විල කළඹලා
කුඩු මතින් ලියළලා
පවුරැ බැමි, යදම් වැල්
බිද දමා,
පසෙක ලා
අවි අමෝරා පැමිණි
බල ඇණිය පරදන්න

අතැති අවි, මත් කුඩුද
තලබනුද, පිහි කිනිසි
සියලු දේ රකිනු රිසි
පිහිටවු අයද පෙර
රැකිය යුතු බව සිතා
අවි දරන්නට ඔබ
,
සිපිරිගෙයි රැදැවියන්
‍පෙළඹුනෙද? පෙළෙඹුවද?

ඒ පවුරැ තුල ඉදන්
සුපුන් පෝ දා ඇසු
බුදු බණින් වදාලු
සියලු දෙය අනිති බව
පසක් නොම විද ඹබට?

ඔබේ ලොව, පවුරැ වට
කැඩපතකි පිටත ලොව
දුෂණය, භීෂනය
සනිටුහන් වු නියා
ඒ කසළ දුගද දුම්
බේරැවල බොක්කේම
සියලු කුණු රැදෙනසේ
ඹබ ලොවේ පවුරැ තුල
රැදී ඇතුවාසේය.

රෙන්ටන් ද අල්විස්
2012 නොවැම්බර මස 09 වනදා

No comments:

Post a Comment