Friday, November 16, 2012

සුදු වෑන්

"දේවෝ වස්සතු කාලේන...
සස්ස සම්පත්ති හෝතුච
පීතෝ භවතු ලෝකෝච...

රාජා භවතු ධම්මිකෝ "


වස්සාන කාලයේ අග 
පිරැනු සද...

සුදු වෑන් එකක් විත්
පංසලේ නවතලා
කඨිණ පිංකම දිනදි
උවැසියන් සදාවෙන්
පුද දුන්න 


චීවරද, සබන් කැට,
දත් මදින ආලේප,
වටාපත්, පිරිකරද,


මිටි ගසා, කුදලලා
විකුනන්න, විකිනෙන්න
රැගෙන යන්නට ගියා.
දොහොත් මුදුනේ තියන්
සදාවෙන්, බැතිබරින්,
ඡීවිතේ අනිති බව
මෙනෙහි කල උවැසියක
නිවන් මග කෙටි කළා...


රෙන්ටන් ද අල්විස්  පබැදුමක්
2012 වප් මාසෙ 16 වනදා

No comments:

Post a Comment