Friday, November 16, 2012

බලන් කඩතුරා හැර දෑසේ ...

සොබාදම් සුමිතුරනි!

පමනට වඩා අප
පතනා විට සම්පත්
පසිදුරන් පමන ඔබවා
පිනවන විට ...

අනවැසි ‍දෑ අවැසි යයි
හගිනා විට
සොබාදම් මවුන් කුස
රකුසු දරැවන්
වදනා විට ...

තන්හා ආසා
රති රගාවන් වියරැවෙන්
අප මනස් විල්
කළඹනා කල ...

නිසරැ බරපොදි
පසෙක නොහලා
දිගින් දිගටම
රැගෙන යන කල ...

මගු‍ලෙ, මරණෙදි
විවා දිනයෙදි
සමරැ දිනයෙදි
පමණ ඉක්මෙන,
දරා නොගැනෙන,
උඡාරැව මිස
ඵල නොමේරෙන
මසුන් කහවනු වපුරනා විට ...


එකෙකු පරයා, පය පහර දී
උන් උරින් නැග
නැගී ඉන්නට
සවන් පිනවන මියුරැ වදනින්
උන් මුලා කොට
ලොව දිනන්නට
තතනනා කල ...

එලෙස දිනු ලොව
කුමන හෝ ලෙස
රකිනු රිසියෙන්
කුරිරැ අදමිටු සිතුම් පැතුමන්
දනන් සිත් මත
වපුරනා කල ...

දෙනොදාහක් දනන් මිහිමත
දෝතකට දිය
කුසට අහරක්
හිසට සෙවනක්
විලි වසන්නට කඩමාලුවක්
අකුරැ කරනට අවකාසයක්
සොයා යන විට ...

වැදු දරැවන්
කුසේගිණි වියරැවෙන්
කිරි පොදක්, කැද බිදක්
ඉල්ලා නගන ඒ
විලාපයේ දෝංකාරය
ඇසුනු නෑසුන සේ
තමන් මිස අන් අයෙකු
හදන්නට, වඩන්නට
ඉඩක් නැති ලොවක ...

සොබා දම් මෑණියන්
හඞනා ඒ විලාපයේ හඞ
ඇයි අපට නෑසෙන්නෙ !

රෙන්ටන් ද අල්විස් පබැදුමක්
2012 වප් මස ඈත දකුණුකරයේ කිවුල ගම් නිව‍සේදි

No comments:

Post a Comment