Monday, November 24, 2014

දෙස්පලු කෝළම්

ගජයො බලු වෙන
බල්ලො රජයන
රටම වනසන
තමන් තරවන
දේසපාලන
මැජික් පෙන්නන
සිතැඟි කරවන
නීති අව වන
මුදල රජයන
උනුන් කොටවන
මනස වලලන
ගොනුන් යන මග
යසට පාදා
මොලවලා මිට
වැරෙන් පහරක්
කොපුල් හරහා
ගසා ගොස් ඇත
රටේ වසනා
වැසියනේ අප
මී හරක් මෙන්
ගාල් වී ඇත
බලනු මැන හැර
බුද්ධියේ දොර
මෙවන් කෝළම්
මෙනෙහි කර සොඳ.

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්



Sunday, November 23, 2014

Let go all

by Renton de Alwis

Touch deep
seek a moment's truth
a needle prick
pounce aim lift
a seamless bind
climb high reach
peaks snow caps
dive ponds deep
waters blue
fly free-fall drop
skies vast
softly land green
rain-fed fields
love let go all
hold you in me
free empty mind
love, yes... let go all.





Thursday, November 20, 2014

අහසෙ නිල නැත

ඊයෙ ඉඳලම ආයෙ වහිනව ඉල් හඳත්  ඉන්         ගොලු වුනා
උදය අහසේ නිල්ල අරගෙන සොරෙකු සේ හිරැ     සැඟවුනා
උන්ගෙ ලෝකයෙ රඟ බලන්නට නෙලුම මහනෙල බය වුනා
පොකුණ අබියස මහලු මැඩියකු හිරැට           යාදින්නට වුනා

සරන විට සරැ සුදක් පෙන්වන කන කොකා අද නැතිද  ආවේ
සේවයට හිරැ තපින වහලේ තලගොයා තව නැතිද        ආවේ
සරා සරනා වල් පරවි කැල නැතිද අද තව තවම           ආවේ
ගොහින් එන්නකො වෙනත් දවසක වැහි වළාවේ ඇයිද ආවේ


රෙන්ටන් ද අල්විස් ලිව්වෙ


Tuesday, November 18, 2014

Beyond it all

by Renton de Alwis

What I seek
must surely be
where all else is
dumped in the junk yards
of butterfly wings

Winds come please
to take ashes like pieces
clouds of yore
make empty spaces
like gallery walls

Stay hung please
streamed free flows framed
works of art blows
minds and hearts
beyond it all

Strange silence falls
deafening hearts and minds
a soft song sung
oozing feelings of
yesterday's cold

dripping dreams
on a wonderland
to search...to find
to please, to seek
but beyond it all ...



Friday, November 14, 2014

උදාසිරි අසිරි

මදනල සිපින තුරැ තිර රඟන         රැඟුමන් දකිත
ගිලුනු නටුවෙන් පතක් රඟ රඟා        වෙයි පතිත
පෙර දිනේ වැටුන වැසි තෙමූ මිහි තල       කලත
පොකුණ තෙර කොක් රාළ දඩයමට නෙත යවත

ලේන් කැළ තුරැ සරන වේග රිද්මෙට     නටන
සඳුන්වන් කොහොඹ දළු උළා කන සැටි  දකින
කොවුලියක වපසරිය ගී රසට          අනාගෙන
ගිහින් එන්නට ගියා උදාසිරි              සරාගෙන


රෙන්ටන් ද අල්විස් ලිව්වෙ




Innocence

by Renton de Alwis

Proven beyond any doubt
convicted and bound
a life stays stolen
to be pronounced guilty
guilty of giving
sharing with no reservation
love’s wondrous touch...

a tear at the eye’s corner
gathers more weight
shines in the sun
resists many calls
before it yields 
to gravitational pull...

a whispering sigh
a breath, a gasp of wind
held tunnelled in
let go you must 
as for Godot, 
he will never come.

A Google image



Thursday, November 13, 2014

ජීවිතය මහගන්න


ජීවිතේ මහගන්න
හොඳට හයියට.
ඩාන් දාලා වැඩක් නැහැ
ගැලවෙනව වාටියෙන්ම.
වැඩි තන්හාව දුකක්.
එතකොට රති කෙල්ල,
කියල වැඩක් නැහැ එයා ගැන
නැගිට්ට වෙලේ ඉඳලම වැඩ,
පාර සිසාරා ඇවිදිනව.
ඔන්න එනව රඟා නටාගෙන
බඩ පේන්න සාරිය ඔතාගෙන,
හිරිකිතේ බැහැ දරැවොත් බලාගෙන,
රෙද්ද කටුගහක එතිලා ඉරිලා.
දැන් කතාව ඩාන් දාන්න.
ඩාන් දාලා වැඩක් නැහැ,
අර කිව්ව වගෙ...
ජීවිතේ මහගන්න,
හොඳට වෙරට, තදට, හයියට
මැරෙනකන් පවතින්න.

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්



Wednesday, November 12, 2014

ඔබ දුටු මා නොදුටු සඳ


එකම සඳවත සුමුදු සිසිලස
ලොව දෙකඩ කර වැතිරෙනා සඳ
ඇයට පායන සඳේ අරැමය
සසල වුනු මා හිතේ ඇඳුනද

එකම හිරැ දෙව් කිරන පහසින්
සඳූද ලෝ ගැබ එලිය වූවද
ඇයිද වෙනසක් ඇයිද වෙනසක්
ඔබ දකින සඳ මා නොදුටු සඳ

ගයා නිමවූ සෝක ගීයක්
මගේ සඳවත පෙලා උන්නද
ඔබේ සඳවත සරා පිනවන
මියැසි සලු එය වසා ලූ වද

හඟිමි දකිනට ඔබ දුටුව සඳ
තවත් දිනයක පායනා කල
සෝක ගීයේ මියුරැ වෘන්දය
සලඹ නදවිය මියැසි පා මත

අරැම දකිනෙමි මා නොදුටු සඳ
සිතින් ගයනා සයන මත හිඳ
සෝක ගීයේ රමණ විරිතින්
ඔබේ සඳ මා සොරාගත්තද

එන්න යන්නකො යන්න එන්නකො
සඳේ සිසිලස තුරැලු කරගෙන
පලස හිම නිමි සඳුට පුද දුන්
හලා හිරැ දැක පුබුදුවන්නට


රෙන්ටන් ද අල්විස් ලිව්වෙ



Monday, November 10, 2014

කිවුල වීමංසා අත්වැල - නොවැම්බර/ දෙසැම්බර '14 Kiula Vimansa Athwela - Nov./Dec. '14


Morning’s come...

by Renton de Alwis

Like a Zen artist master 
once met in meditation
dissects this form we see beautiful
into million cells of shapeless voids
to understand the beauty of truth
of pain, of want, of greed, of life, of love
of the softness of a morning come
of sun powered days
and moonless nights...

I seek to see a satori truth

and close my eyes
greet rays of sun
in dark disdain.


Friday, October 31, 2014

හල්දුම්මුල්ලෙ අඳෝනා ...



මං දුකෙන් බරිත වුනා ඊයෙ
හල්දුම්මුල්ලෙ අපෙ ඈයො
බුරැතු පිටින් මියෑදුන බව අහල
අද උදේ තේ කෝප්පෙ
රහ නෑ වෙනද වගෙ
මතක් වුනාම
ඇහෙන නෑහෙන
දකින නොදකින
අඳෝනා ....

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්

නිදහස් ගූගල් ඉමෙජයක්

Sunday, October 26, 2014

At the beach

by Renton de Alwis


Waves soft resonate pebbles
crab walks soft sand
like a drunk walks street
pause to stare gaze
worship morning sun
waves leave

bubbly muck in defined lines
new wave breaks
tiny shells lay still
like dreams yearn
to be gathered.

Monday, October 13, 2014

මතක ඉම

දෝර ගලන භිතේ සතුට 
ඉස්මත්තෙ වරැසාව 
ගං තෙරක් තෙමුව සේ 
හිත තවා නිවාලයි...
නිවුනු භිත සන්සුන්ය ...
නිදි වැරෑ බර දෙනෙත් 
අවදි කල මතකයට 
සහන් වැද සැනසෙන්න 
අණක් කරනා සේය ...

අණ වුවද 
කම්කලුය ...
මතක ඉම් මා ඉමක 
සරන සිතුවිලි ගොන්න 
දිමි ගොටුව කොළ ගොන්න 
වැළඳ ඇත්තා සේම 
සිත් ඉමද සරසවයි ...
පහන් සිත 
කිතිකවයි ...
කැකෑරෙන මතකයක 
සියුම් විස තුඩු පහස 
දෙන සියුම් වේදනා 
හද දරන සැනසුමට 
මොනවටද වින කරයි ...

සසල සිත 
කලබලය ...
කලබලය නිවන්නට,
සසල සිත තවන්නට,
මතකයෙන් මිදෙන්නට 
පලා එමි මොහොතකට 
පසක ලා බර පොදිය 
දරා ගත නොහැක බර ...
මතක ඉම 
පාව ගිය 
ඈතකට 
ඈතකට 
සිත නැවත පෙලන්නට 
පෙලා මා තලන්නට 
කුමන හෝ 
අවසරය 
දවා ලූවා වැන්න ...
සසල සිත 
සන්සුන්ය ...
පහන් සිත 
නිදි බරය ...

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්

Satori

by Renton de Alwis

I sought nothing
yet found something
and ceased searching.


Sunday, October 12, 2014

ඉස්පාසුව

ආවත් ගියත් නොගියත්
හිතක් දැරැවත් නොදැරැවත්
යා යුතුය මග ඉඩක් නිමවා
නොහැක මග හැර යන්න

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්


Saturday, October 11, 2014

The wonder

By Renton de Alwis

Some wonders stay made
come packed
sun dried rain fed
earth worms churning
sprouting seeds
blooming blooms
of dew drops and rainbows
clean green sheen
touch deep soul song
substance wrapping and all.

and
yet others ...

are made
by mortal souls
blood sweat tears
rape scrape creep
lust looming pounds
on dry heartless souls
might fight tight
of mortar clay and sand
stay made deed

till one day ...

hard wind blows
parched sun burns
deep sea churns
with raised head takes
all leaves nothing at all
cry but a distant cry
of a little babe
breaking water
reaching out
of a mother's womb.
 

A Shared Google image


















Friday, October 10, 2014

කිවුල වීමංසා අත්වැල - 2014 සැප්තැම්බර කලාපය Kiula Vimansa Athwela - September 14 Issue

Click on the text below:
පහත ලින්කයට ක්ලික් කරන්න:


කිවුල වීමංසා අත්වැල - 2014 සැප්තැම්බර කලාපය Kiula Vimansa Athwela - September 14 Issue


කිවුල කණිටු විදුහලේ දරැවන් ගුරැ දිනය දා ගුරැන් නැමදූ වගයි.... On Teacher's Day they (Students of the Kiula Junior School) paid tribute to their teachers


පාලුව

නිදැල්ලේ ගැබ සරන
ළිහිණියකු  සේ සේම
තනිකමට පාලුවට
හරඔ කරනා සේම
පාවෙන්න සිතුවිල්ල
මුදා ලූවා සේම
ආදරයෙ ඉම තෙරක
සිත පහන් වූ සේම

කෝඩයක සැර පවන

ඔබ කැටුව ගිය සේම
සේවනය සුව දෙවන
හද පුරා රැඳි සේම
වියෝගයෙ ගිණි සිළුව
අරා ගෙන යන සේම
පාලුවට තනිකමට
වාරැවක් නැති සේම.

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්


Thursday, October 2, 2014

හා බැඳි සිත


ඔබ මොබ යන ඔබ
සත සිත සනහන
දැක බැඳි සිත ලොබ
හර බර වී ඇත

නිසඳුර සිඳ බිඳ
සඳවත මිහි මත
අඳිනා රෑ රස
පහන් වඩයි සිත

රාග ගින්න සිඳ
පිවිතුරැ පෙම බැඳ
ලියනා කව් පද
පිදුවෙමි ඔබ වෙත

එන්නකො යන්නට
හද විල තෙර ඉම
මනස් විලේ බැස
කිමිදී එන්නට

කුමරිය මිහිරිය
වයනා ගී නද
හඟිනා රෑ පෙල
අදරින් බැඳි සඳ.

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්

Monday, September 29, 2014

Power

by Renton de Alwis

It matters not
subject to what
reins held
whose end
strong, weak,
blood, sweat
Power,  Power corrupts.

It matters a lot
where and when
then, now
far, wide
hearts and minds
shining bright
Love! Love is might.




Tuesday, September 23, 2014

Sounds of silence

By Renton de Alwis

Touched by the cool breeze
a thought floats
like a butterfly.

A free Google image



A tree ...

by Renton de Alwis

A tree is as tall
as the sun wishes it be
or the wind makes it bend.



A free Google image

Thursday, September 18, 2014

Let our children's mind's flourish: An appeal


Yesterday, I saw a little child of about six, carry an exercise book and on it's covers (both front and back) was printed the photograph of a young politician. I am told that this is a wide spread practice and have been on for some time now. Having being in the promotions business my self (where we held ethics to the hilt) I felt ashamed that politicians (even those with some intelligence), need to stoop down so low.

Perhaps it is the supporters who do this to gain points. But the damage that is done to the minds of little children, by getting such branding rigidity into their subliminal minds can be very damaging to their future development. How can they grow up to have creative and independent minds. It is as bad as, the bad adverts that make children ask for products or endorse them or the Ben 10's, Superman's, War scenes, fast cars, war planes and battle ships we see on some of the covers of exercise books. This trend is now being reversed by some caring manufacturers now printing photographs of landscapes, flora and fauna, of happy and active children and of places of historical interest. I salute those who have ventured to do this.

Please I urge our politicians both young and old, please do not meddle with the minds of our children. You and I both know, that they are our hope for the future. They need to flourish in freedom with creative thoughts devoid of any stereo-typing. For  then and only then, will we be able to become, the wonder we all seek to be.

Hey! morn's come ...

By Renton de Alwis

Morn's first light
pierced squirrel cry
peahen weeps distant dream
lotus buds still moonstruck
oblivion to pond heron
hunt breakfast feed
mindful breeze make
a leaf fall.

My own





Sunday, September 14, 2014

Give me a wonder

by Renton de Alwis

I love wonders
not those of marble,
steel, platinum
or diamond
but of a bird song,
dew drop, blue sky
or rainbow.

Give me a wonder
a babe’s cry, sweet smile,
a falling leaf,
even thunder and rain.
Yes, give me
yet other wonders,
wonders of pain,
suffering and love.

A Google Image

Friday, September 5, 2014

ගැට ගහගෙන යන ජීවිතය

ලිහුනාම පැටලෙනව
බැරි තරම් ලිහන්නට
කොහොම හරි යා යුතුය
යන ගමන නොකඩ කොට

කාලයේ වියරැවට
බඩගින්න මැකෙනවයැ
පුංචි උන් අඬන හඬ
සින්දුවෙන් වැහෙනවයැ

ඉඩෝරයෙ වහින වැහි
අටුව මත වැටෙන්නෑ
ඉරිතැලුනු මහ පොලොව
හඬ නගා හඬන්නෑ

යන ගමන නොකඩ කොට
යා යුතුය කොහොම හරි
මග නොමග දෙකම එක
මාවතක ඇඳී ඇත.

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්

ගූගල් රැවක්

Thursday, September 4, 2014

Memories

by Renton de Alwis


Then of now
walks road with bends
woods stand tall
peeping seeking meaning
deeds done
words spoken
silence sought broken
pieces  strewn
lay lamed for picking
seeds unpicked potent
grow sun fed blossom
flowers wild call out
now to the then

Ussangoda, my own pic
















Wednesday, September 3, 2014

කතා ලියූ සෝමපාලට ලියූ ගීයක්

ගොපලු කොලුවකු එදා වැයූ ඒ
ඳඬු නලා හඬ ඔබට ඇසුනද
ඈත අහසේ දිදුලනා හිරැ
තුරැන් හිස් බිඳ පහල වූවද
ගොහොරැ මඩ මත වැතිර
සැනහෙන අම්ඹරැන් දැක සුසුම් හෙලුවද
ඔබ සරන ඔය සොඳුරැ ලෝකයෙ
බිඳක්වත් මට ඉඩක් දෙනවද

පිපුන පියුමින් සැරසුනා ඔබ
දසුන් සවනක් රැස් විදාලද
කුරැලු ගීයක මයුර නැටුමක
රසය වින්දේ මට කියාලද
දිය කඩිත්තේ තිත්ත පැටවුන්
තාලයට පැන මුකුළු කෙරැවද
කියනු රිසියෙන් වනා මොනවට
මිහිරි පදවැල් ගොතා බැන්ඳද

බෝල අකුරින් ලියූ ඔබ පද සවස් වරැවක ගෙනත් දෙනවද
කැලය පිනවූ ඳඩුනලා ගී මලහිරැට පුද කරන් එනවද
අහස සැරසුව රක්ත වරැණින්
සැරසිලා ඔබ සිනාසෙනවද
ලියූ කරදහි යසට බැඳලා
ෆයිල් කවරෙක දමා දෙනවද

රෙන්ටන් ද අල්විස් ලිව්වෙ

මේ කව් පෙලව වස්තු වූ පසුබිම සඳහා  පහත ලින්කය බලන්න:

Childhood

by Renton de Alwis


Where butterflies fly like planes
it's wings made of rainbows
Where angels roam in dreams
and demons always loose
Where questions are like rivers
with an endless flow to the sea
Where rubbing hands mean friendship
tugged fingers say you're cross
Where birds sing in the rain
and bees never sting
Where a frog can become a prince
when a princess breaks the spell
Where dewdrops rest on roses
and twinkle just like stars
Where all of this will be real
if left to dream our own.

A free Google image

Bibliophile bared - A column article by Sachitra Mahendra

At this link you will find the column:

http://www.dailynews.lk/?q=features%2Fbibliophile-bared

and these links will take you to the e-version of the DailyNews of 3rd September, 2014