Monday, November 24, 2014

දෙස්පලු කෝළම්

ගජයො බලු වෙන
බල්ලො රජයන
රටම වනසන
තමන් තරවන
දේසපාලන
මැජික් පෙන්නන
සිතැඟි කරවන
නීති අව වන
මුදල රජයන
උනුන් කොටවන
මනස වලලන
ගොනුන් යන මග
යසට පාදා
මොලවලා මිට
වැරෙන් පහරක්
කොපුල් හරහා
ගසා ගොස් ඇත
රටේ වසනා
වැසියනේ අප
මී හරක් මෙන්
ගාල් වී ඇත
බලනු මැන හැර
බුද්ධියේ දොර
මෙවන් කෝළම්
මෙනෙහි කර සොඳ.

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්



No comments:

Post a Comment