Wednesday, November 12, 2014

ඔබ දුටු මා නොදුටු සඳ


එකම සඳවත සුමුදු සිසිලස
ලොව දෙකඩ කර වැතිරෙනා සඳ
ඇයට පායන සඳේ අරැමය
සසල වුනු මා හිතේ ඇඳුනද

එකම හිරැ දෙව් කිරන පහසින්
සඳූද ලෝ ගැබ එලිය වූවද
ඇයිද වෙනසක් ඇයිද වෙනසක්
ඔබ දකින සඳ මා නොදුටු සඳ

ගයා නිමවූ සෝක ගීයක්
මගේ සඳවත පෙලා උන්නද
ඔබේ සඳවත සරා පිනවන
මියැසි සලු එය වසා ලූ වද

හඟිමි දකිනට ඔබ දුටුව සඳ
තවත් දිනයක පායනා කල
සෝක ගීයේ මියුරැ වෘන්දය
සලඹ නදවිය මියැසි පා මත

අරැම දකිනෙමි මා නොදුටු සඳ
සිතින් ගයනා සයන මත හිඳ
සෝක ගීයේ රමණ විරිතින්
ඔබේ සඳ මා සොරාගත්තද

එන්න යන්නකො යන්න එන්නකො
සඳේ සිසිලස තුරැලු කරගෙන
පලස හිම නිමි සඳුට පුද දුන්
හලා හිරැ දැක පුබුදුවන්නට


රෙන්ටන් ද අල්විස් ලිව්වෙ



No comments:

Post a Comment