Thursday, November 20, 2014

අහසෙ නිල නැත

ඊයෙ ඉඳලම ආයෙ වහිනව ඉල් හඳත්  ඉන්         ගොලු වුනා
උදය අහසේ නිල්ල අරගෙන සොරෙකු සේ හිරැ     සැඟවුනා
උන්ගෙ ලෝකයෙ රඟ බලන්නට නෙලුම මහනෙල බය වුනා
පොකුණ අබියස මහලු මැඩියකු හිරැට           යාදින්නට වුනා

සරන විට සරැ සුදක් පෙන්වන කන කොකා අද නැතිද  ආවේ
සේවයට හිරැ තපින වහලේ තලගොයා තව නැතිද        ආවේ
සරා සරනා වල් පරවි කැල නැතිද අද තව තවම           ආවේ
ගොහින් එන්නකො වෙනත් දවසක වැහි වළාවේ ඇයිද ආවේ


රෙන්ටන් ද අල්විස් ලිව්වෙ


No comments:

Post a Comment