Monday, October 13, 2014

මතක ඉම

දෝර ගලන භිතේ සතුට 
ඉස්මත්තෙ වරැසාව 
ගං තෙරක් තෙමුව සේ 
හිත තවා නිවාලයි...
නිවුනු භිත සන්සුන්ය ...
නිදි වැරෑ බර දෙනෙත් 
අවදි කල මතකයට 
සහන් වැද සැනසෙන්න 
අණක් කරනා සේය ...

අණ වුවද 
කම්කලුය ...
මතක ඉම් මා ඉමක 
සරන සිතුවිලි ගොන්න 
දිමි ගොටුව කොළ ගොන්න 
වැළඳ ඇත්තා සේම 
සිත් ඉමද සරසවයි ...
පහන් සිත 
කිතිකවයි ...
කැකෑරෙන මතකයක 
සියුම් විස තුඩු පහස 
දෙන සියුම් වේදනා 
හද දරන සැනසුමට 
මොනවටද වින කරයි ...

සසල සිත 
කලබලය ...
කලබලය නිවන්නට,
සසල සිත තවන්නට,
මතකයෙන් මිදෙන්නට 
පලා එමි මොහොතකට 
පසක ලා බර පොදිය 
දරා ගත නොහැක බර ...
මතක ඉම 
පාව ගිය 
ඈතකට 
ඈතකට 
සිත නැවත පෙලන්නට 
පෙලා මා තලන්නට 
කුමන හෝ 
අවසරය 
දවා ලූවා වැන්න ...
සසල සිත 
සන්සුන්ය ...
පහන් සිත 
නිදි බරය ...

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්

No comments:

Post a Comment