Thursday, November 13, 2014

ජීවිතය මහගන්න


ජීවිතේ මහගන්න
හොඳට හයියට.
ඩාන් දාලා වැඩක් නැහැ
ගැලවෙනව වාටියෙන්ම.
වැඩි තන්හාව දුකක්.
එතකොට රති කෙල්ල,
කියල වැඩක් නැහැ එයා ගැන
නැගිට්ට වෙලේ ඉඳලම වැඩ,
පාර සිසාරා ඇවිදිනව.
ඔන්න එනව රඟා නටාගෙන
බඩ පේන්න සාරිය ඔතාගෙන,
හිරිකිතේ බැහැ දරැවොත් බලාගෙන,
රෙද්ද කටුගහක එතිලා ඉරිලා.
දැන් කතාව ඩාන් දාන්න.
ඩාන් දාලා වැඩක් නැහැ,
අර කිව්ව වගෙ...
ජීවිතේ මහගන්න,
හොඳට වෙරට, තදට, හයියට
මැරෙනකන් පවතින්න.

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්



No comments:

Post a Comment