Wednesday, September 3, 2014

කතා ලියූ සෝමපාලට ලියූ ගීයක්

ගොපලු කොලුවකු එදා වැයූ ඒ
ඳඬු නලා හඬ ඔබට ඇසුනද
ඈත අහසේ දිදුලනා හිරැ
තුරැන් හිස් බිඳ පහල වූවද
ගොහොරැ මඩ මත වැතිර
සැනහෙන අම්ඹරැන් දැක සුසුම් හෙලුවද
ඔබ සරන ඔය සොඳුරැ ලෝකයෙ
බිඳක්වත් මට ඉඩක් දෙනවද

පිපුන පියුමින් සැරසුනා ඔබ
දසුන් සවනක් රැස් විදාලද
කුරැලු ගීයක මයුර නැටුමක
රසය වින්දේ මට කියාලද
දිය කඩිත්තේ තිත්ත පැටවුන්
තාලයට පැන මුකුළු කෙරැවද
කියනු රිසියෙන් වනා මොනවට
මිහිරි පදවැල් ගොතා බැන්ඳද

බෝල අකුරින් ලියූ ඔබ පද සවස් වරැවක ගෙනත් දෙනවද
කැලය පිනවූ ඳඩුනලා ගී මලහිරැට පුද කරන් එනවද
අහස සැරසුව රක්ත වරැණින්
සැරසිලා ඔබ සිනාසෙනවද
ලියූ කරදහි යසට බැඳලා
ෆයිල් කවරෙක දමා දෙනවද

රෙන්ටන් අල්විස් ලිව්වෙ

ේ කව් පෙලව වස්තු වූ පසුබිම සඳහා  පහත ලින්කය බලන්න:

No comments:

Post a Comment