Friday, September 5, 2014

ගැට ගහගෙන යන ජීවිතය

ලිහුනාම පැටලෙනව
බැරි තරම් ලිහන්නට
කොහොම හරි යා යුතුය
යන ගමන නොකඩ කොට

කාලයේ වියරැවට
බඩගින්න මැකෙනවයැ
පුංචි උන් අඬන හඬ
සින්දුවෙන් වැහෙනවයැ

ඉඩෝරයෙ වහින වැහි
අටුව මත වැටෙන්නෑ
ඉරිතැලුනු මහ පොලොව
හඬ නගා හඬන්නෑ

යන ගමන නොකඩ කොට
යා යුතුය කොහොම හරි
මග නොමග දෙකම එක
මාවතක ඇඳී ඇත.

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්

ගූගල් රැවක්

No comments:

Post a Comment