Thursday, October 2, 2014

හා බැඳි සිත


ඔබ මොබ යන ඔබ
සත සිත සනහන
දැක බැඳි සිත ලොබ
හර බර වී ඇත

නිසඳුර සිඳ බිඳ
සඳවත මිහි මත
අඳිනා රෑ රස
පහන් වඩයි සිත

රාග ගින්න සිඳ
පිවිතුරැ පෙම බැඳ
ලියනා කව් පද
පිදුවෙමි ඔබ වෙත

එන්නකො යන්නට
හද විල තෙර ඉම
මනස් විලේ බැස
කිමිදී එන්නට

කුමරිය මිහිරිය
වයනා ගී නද
හඟිනා රෑ පෙල
අදරින් බැඳි සඳ.

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්

No comments:

Post a Comment