Saturday, November 2, 2013

Taking you back to 1948 ....චෝගම් එක්ක යමු 1948 වසරට..

(සිංහල සටහන බලන්න පහතට යන්න)

I came across a copy of a valuable souvenir that has been published on the occasion of Sri Lanka securing our independence from British rule. I thought it apt to share it with you through my blog at this time when we are hosting the CHOGM conference.

The occasion was the “Pageant of Lanka” celebration and show that featured Sri Lanka’s history in dance form, presented just days after independence,. It had been on daily on 16,17,18 and 19th February 1948, held at the then ‘Colombo  Ladies Golf Link.’  I was shown this recently at the home of my friend Lavan (BLH) Perera, whose father was responsible for creating the cement crafted designs and motifs that adorn the Peradeniya University Campus . There is a picture of him in this publication and BLH and his wife Nelum has this as a treasured possession and I thank them for letting me have for photographing. Its pages are crumbling and had to be handled with much care.   

The souvenir has an interesting series of sponsors’ advertisements, in its front section and back and contains contributions of articles on subjects spanning the history of Sri Lanka, the cultures of its different races, of the religions, of the arts and crafts, music and dance written by eminent scholars such as late Prof G.P Malasekera, Peradeniya University’s then Vice Chancellor late Sir Ivor Jennings, Dr. R.L Spittle, Dr. R.L . Brohiier, late Professors M.D. Ratnasooriya, K. Kanapathipillai,  J.P.D Fonseka, A.M.K Coomaraswamy, O. Weerasinghe, Shirly de Alwis, B.P Weerawardena, T. Nadaraja, Deva Suriyasena, Rev. Fr. Peter Pillai and Rev. Senior.  Its editor is S. Shanmuganathan, who has also contributed an article on the “Traditional Masks of the Sinhalese”.

To me the souvenir reflects the unity and the togetherness we had in our society at the time and serves as a grim reminder of what happened in later years.  

I plan to present randomly selected  pages from this souvenir in section from today and hope you will enjoy seeing them as much as I did.   

 
 
 

 

 
 
 
 
 


 

 
 
චෝගම් හෙවත් පොදුරාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායක සමුලුව තව දින ගණනකින් ලංකාවෙ පැවැත්වෙනව. අපේ රට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත්ව තිබිලා, 1948 අප එයින් නිදහස් වෙලා ස්වාධීන රටක් රාජ්‍යයක් බවට පත් වුනා. 1952 දි අපි කලින් බ්‍රිතාන්‍යය යටතෙ පාලනය වෙලා නිදහස ලබාගත්ත රටවල් වල එකතුවක් වන චෝගම් (CHOGM) එකතුවට බැඳුන.

මේ දවස්වල අපි ලැහැස්ති වෙන්නෙ ලංකාවෙ එකතුවෙ සමුලුව පවත්වල එහි සභාපතිත්වයට අපේ රට නියෝජනය කරමින් ජනාධිපතිතුමා පත්වීම, සනිටුහන් කරන්න.ඒ ගැන ප්‍රීති වන්න.

මේ අවස්ථාවෙදි මා හිතුව නිමිත්තෙන් මගෙ 'සරණ සිතුවිලි' අතරින් අපි ස්වාධීණ රටක් වු කාලය පිළිබඳ මතකය අවදි කරන්න.

ඒක කරන්න මට අවකාශය ලැබුනෙ මගෙ මිතුරැ ලවන් (BLH) පෙරේරාගෙ නිවසට පහුගිය මාසෙ ගිය වෙලාවෙ වුන සිද්දියක්. මා ලඟකදි මෙහිම පළ කලා මගෙ මිතුරගෙ පියාණන් පේරාදෙණිය විශ්ව විද්‍යාලෙ ලස්සන කරල තියෙන සිමෙන්ති කැටයම් වල නිමැවුම් කරැවා වූ බව. ලවන්ගෙ ගෙදර බිත්තියෙ අලංකාරයට එල්ලල තියෙන කැටයම් කල ලී හැන්ද ගැනත්, එය 1952 දි බ්‍රිතාන්‍ය මහ රැජිණ ලංකාවට වෙලේ, විශ්ව විද්‍යාලෙදි එවකට හිටි උපකුලපති සර් අයිවර් ජෙනින්ග්ස්ගෙ ආරාධනයෙන්, එහි ගොඩනැගිල්ලකට මුල් ගල තියන කොට පළමු සිමෙන්ති පිඩ දාන්න ඒක පාවිච්චි කරපු බවත්, මා ඔබට කීව.

එදාම මගෙ මිතුරා මට පෙන්නුව තවත් ඊට වඩා අගනා දෙයක්. 1948 පෙබරවාරි 4 වෙනිදා අප නිදහස් රටක් වීම සමරන්න, මාසෙම 16, 17, 18 හා 19 වන දිනවල හවහට කොළඹ එවකට කාන්තා ගොලෆ් පිටියෙදි (අද කලම්බො ගොල්ෆ් කලබ්) පවත්වල තියෙන "ලාංකේය හරසර පෙලහර" (Pageant of Lanka" කියල නම් කරපු දැවැන්ත සංදර්ණය සඳහා පළ කල සමරැ පුකාශණය. ඒකෙ ඉතා හරබර ලිපි ගනනාවක්ම තියෙනව. පේරාදෙණිය විශ්ව විද්‍යාලය ගැන ලියපු ලිපියක එයාගෙ පියාගෙ ජායාරෑපයක් තියෙන හින්දා, ලවනුයි, බිරිඳ නෙලුනුයි, සමරැ කලාපය ආදරෙන් ලස්සනට කවරයක් දාලා තියාගෙන ඉන්නව.

ඒකෙ මුල් කවරෙ නැහැ. පිටු දිරලා පරිස්සමෙන් අල්ලන්න ඕන, ඉරෙන්නෙ නැතිවෙන්න. හැබැයි හැම ඇතුල් පිටුවක්ම අඩුවක් නැතුව තිබුන.

මට හිතෙනව මේ එදා අපි නිදහස සමරන වෙලාවෙ එළි දක්වල තියෙන පෙලහර හා සමරැ කලාපය, එදා අපෙ ජාතියෙ තිබුනු එකමුතුව හා සංහිදියාව හොඳින් හුවා දක්වන නිර්මාණයක් විදියට.

මේ කලාපය සංස්කරණය කරල තියෙන්නෙ එස්. ශන්මුගනාදන්. පෙරවදන හා තවත් “ලංකාවෙන් බොදු සංස්කෘතියට වුනු එකතුව” ගැන ලිපියකුයි ලියල තියෙන්නෙ, මහාචාර්ය ජී. පී. මලලසේකර පඬිතුමන්.

උපකුලපති අයිවර් ජෙනින්ග්ස්, මහාචාර්ය එම්. ඩී. රත්නසූරිය, ආර්. එල්. ස්පිටල්, ටී. නඩරාජා, ෂර්ලි අල්විස්, කේ. කනපතිපිල්ලෙ, . වීරසිංහ, පීටර් පිල්ලෙ පියතුමා, දේවා සූරියසේන, ජේ. පී. ෆොන්සේකා, ආර්. එල්. බ්රෝහියර්, .ඇම්.කේ. කුමාරස්වාමි, බී.පී. වීරවර්ධණ හා ඩබිලිව්. එෆ්. සීනියර් වැනි වියතුන්ගෙ ඉංග්‍රීසියෙන් ලියවුන ලිපි වලිනුත්, ඉතා ලස්සනට ලාංකේය නිදහස සමරන්නට ලියවනු ලිපි වලිනුත් මේ කලාපය සැරසිල තියෙනව.

මෙහි ලිපියක් ලියපු ලංකාවෙ වාරි කර්මාන්තයෙ පුරෝගාමියෙක් විදියට හඳුන්වන, ඕලන්ද බර්ගර් ජාතික බ්රෝහියර් මහතාගෙ, මගෙත් මිතුරියක් වන දැනට විශ්‍රාමික වියේ පසුවන දියණිය, ඩැලරීන් බ්රෝහියර් මහත්මියට මා මේ සමරැ කලාපය ගැන කී විට, ඇය එදා පාසල් දරැවකු ලෙස පෙලහරේ රඟපෑ බවත්, "Call of Lanka" නමින් සීනියර් පියතුමා ලියු කවි පංතිය අදටත් ලංකාවේ ප්‍රෙතෙස්තානු දේවස්තාන වල ගීතිකාවක් ලෙස ගයන බවත්, ඇය මා හා කීවා.

මා මේ කලාපය සම්පුර්නයෙන්ම ජායාරෑප ගත කලා. අප රට නිදහස ලබාගත්විට අප සිටි තැන ගැනත්, එදා අපේ ප්‍රාඥයන් අතර තිබූ එකමුතුව හා සහෝදරත්වය ගැනත් මේ පරපුරේ අපට හා දරැවන්ට යම් අදහසක් දෙන්නට අප චෝගම් රාජ්‍ය නායක සමුලුව පවත්වන මේ කාලයේ ගැන මෙනෙහි කරන්නටත්, මා මෙය අවස්ථාවක් කර ගන්නව.

අද සිට දිනපතා මෙම කලාපයේ පලවුනු දෑ වල ජයාරෑ ඔබ වෙනුවෙන් පළ කිරීමට මා බලාපොරොත්තු වෙනව.

එයින් ඔබට නැවුම්, ඵලබර හා හරවත් අත්දැකීමක් ගෙන දේවියැයි මා පතනවා.







 
 
 
 
 
 
 
 
 
 
 
 



 
 
 
 
 
 
 
 
 
 
 
 


1 comment:

  1. WOW, Great. Thank you for sharing this valuable document

    ReplyDelete