Sunday, November 10, 2013

එදා මෙදා සුසුම

එදා සුසුමයි මෙදා සුසුමයි
එකම සුසුමද බෙදුනු අඩ
සදා දවනා ගින්න කුස තුල
ලන්න ඕනද දරා මල්ඵල
පහන නිවුනද හිමි සඳුගෙ ගුණ
සරා සිත මා පහල වූවද
කුඩාවුන් හට පිහිටවන්නට
යන්න වෙනවා සරා මහමග

හිමිට මිස අන් වෙනත් අයෙකුට
නොවුන ගැති මා කිසිම දවසක
සිරැර සලලුන් උකස් කරනට
ඔට්ටුවූයේ සුසුම් හිර කොට
උන්ගෙ දහඩිය දුඟද මතකය
මුදල් කොල මත අත්ල ගුලි කොට
අරන් හනිකට පැලට දිව්වේ
කුඩාවුන්හට අහර පිසිනට

කුරිරැ වදනින් මනස පෙලුවද
දනන් මා ගත උරා ගත්තද
වෛර ගින්නෙන් දැවෙන මා සිත
උන් දවන්නට රිසි වුනේ නැත
කුඩාවුන් වුවනත සිනහව
මකාලයි ම කුරිරැ මතකය
එදා සුසුමයි මෙදා සුසුමයි
එකම සුසුමක බෙදුනු අඩ ඵල.


රෙන්ටන් ද අල්විස් ලිව්වෙ


No comments:

Post a Comment