Friday, November 15, 2013

මිනිස් අයිතිය

රකින්නට වෙහෙසෙනා මිනිසුන්ගෙ      අයිතියට
හඬක් දෙන්නට හැකිද වියරැ වුනු          මිනිසුනට
රැකිය යුතු රැකිය හැකි මිනිස්කම ගෙන       සිතට
හලමු අත පොලු මුගුරැ මනස         රජ කරන්නට

උඩ බලන් ගසන කෙළ පිඩුව යලි        පතිත වන
වුවන ඔබගේම මිස වෙන කෙනෙකු බව නොවන
සිතා නොම කරනු වින කිලිටි වන       ලක වුවන
මිනිස්කම රකින්නට මිනිස් ගුණ         වඩනු මැන

රට දැයට මට වඩා පෙම බඳින              විරැවනට
සහන් සිත් අරාගෙන දයාගුණ              වැඩුවනට
කියන දේ කරන දේ යහ සිතින්            කරන්නට
වෙර දිරිය ලැබේවා දෑ සමය                රකින්නට



රෙන්ටන් ද අල්විස් ලිව්වෙ

No comments:

Post a Comment